Friday, July 26, 2019

වගා උණ හට ගැනීම


     



  කතාව කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරි නිසා මෙහෙම ලියන්න හිතුනා. අපි කවුරුත් කැමතියි අපේම කියලා නිවසක ජීවත් වෙන්න. ඉතින් ඒ් හීනේ මට සැබෑ කරගන්න පුළුවන් වුනේ විවාහ වෙලා අවුරුදු තුනක් විතර ගතවුනාට පස්සේ. දෙමව්පියන් ඒක්ක ජීවත්වෙද්දි අපි හරි නිදහස් ජීවිතයක් ගත කලාට අපේම කියලා නිවසකට ආවට පස්සේ තමයි තේරෙන්නේ කොච්චර දේවල් කරන්න තියනවද කියලා.
නිවස විතරක් නෙමෙයි වත්ත පිටියත් සුද්ධ කරන්න ඕන. ඉතින් ඒ්ක සෙල්ලම් වැඩක් වුනේ නෑ මටනම්. තණකොළ කපන මැෂින් එකක් ගෙනල්ලා මුළු වත්තම සුද්ධ කරන එකත් පණ යන වැඩක් වුනා. ඒ් විතරක් නෙමෙයි ඊට පස්සේ ආයෙමත් මාස තුනකට විතර සැරයක් මුළු වත්තම වල් වැදුනාම ආයෙමත් සුද්ධ කරන්න වෙනවා.
ඉතින් ඔය විදියට තව අවුරුද්දක විතර ගෙවිලා යද්දි පස්සේ මම මටම කියලා තණකොළ කපන මැෂින් එකකුත් ඒ හින්දම ගන්න වුනා.
ඔන්න ඔය අතරේ තමයි මට වගා උණ හැදුනේ. දවසක් අහම්බෙන් වගේ රූපවාහනියේ විකාශය වන කෟෂිකර්ම වැසටහනක් දැකලා මටත් හිතුනා වගා කරන්න. ඉතින් මම දවසක් වත්ත පොඩ්ඩක් සුද්ධ කරලා බණ්ඩක්කා ටිකක් ගෙනත් දැම්මා පැලවෙන්න. ඉතින් ඒ පැල ටිකක් හැදුනට පස්සේ උදේට ඒ් පැල බලන්න යන්න පුරුදු වුන මම තව තවත් පැල හිටවන්න පටන් ගත්තා. ඉතින් එහෙම යනකොට මගේ වගා උණ ගොඩක් වැඩි වුනා. මේ බ්ලොග් ඒක ලියන්න යන්නේ මගේ ගෙවත්ත ගැනයි.

No comments:

Post a Comment

ගොලුබෙලි දඩයම

මම කියන්න හදන්නේ මොකද්ද කියලා මාතෘකාවෙන්ම පැහැදිලි වෙනවනේ. ගෙවතු වගාවක් කරද්දි වැඩේ ලේසි පාසු නැහැ තමයි, මොකද විශේෂයෙන්ම කාබනික වගාවක් ක...