මම කියන්න
හදන්නේ මොකද්ද කියලා මාතෘකාවෙන්ම පැහැදිලි වෙනවනේ. ගෙවතු වගාවක් කරද්දි වැඩේ ලේසි
පාසු නැහැ තමයි, මොකද විශේෂයෙන්ම කාබනික වගාවක් කරද්දි අපිට කෘමිනාශක භාවිතා
කරන්නත් බැහැනේ. මොකද අපේ අරමුණ වස විස නැති ආහාර වේලක් ගෙවත්තෙන් ලබාගැනීමනේ.
මම පාත්තියක
පතෝල, වැටකොළු, කරවිල කියන බෝග තුනම හිටවලා තිබුනේ. බැලින්නම් කරවිල පැල ඉතුරු
වෙද්දි පතෝල පැල ටිකයි, වැටකොළු පැල ටිකයි සේරම ගොලුබෙල්ලන් විසින් වගකියලා. මොනව
කරන්නද?
දැන් ඉතින්
හැමදාම රෑට පොඩි පැට්රෝල් එකක් යනවා. පැට්රොල් එක ගැන දන්නේ නැත්නම් මෙන්න මේ ලින්ක් එකේ
විචාරකතුමාගේ අඩවියේ ඒ ගැන
තියනවා කියවලා බලන්න.
ඉතින් ඒ
පරීක්ෂා කිරීම් වලදී මට අපරාධකරුවන් කීපදෙනෙක් අල්ලගන්න පුළුවන් වුනා.
දැන් ඉතින් හැමදාම රෑට ගිහින් මේ කට්ටියව අයින් කරන්න සිද්ධ වෙනවා. ගෙවතු
වගාව වදයක් නෙමෙයි ඒකෙත් පොඩි ජොලියක් තියනවා. රෑට ලයිට් දාගෙන, ටෝච් එකකුත් අරගෙන
ගොලුබෙල්ලෝ හොයන එකෙත් පොඩි ගතියකුත් නැතුවාම නෙමෙයි.



No comments:
Post a Comment