Sunday, July 28, 2019

වට්ටක්කා වලට එල්ලවන ප්‍රහාරය


ඉතින් මගේ වගා උණ නිසා හිටවපු වට්ටක්කා වැල් වලට මේ දවස්වල වෙන දෙයක් ගැන කියන්න තමයි අද මම මේ හදන්නේ.
වට්ටක්කා ඇට ගෙනල්ලා හිටෙව්වට හරිගියේ පැල තුනක් විතරයි. ඒකෙනුත් පැල දෙකයි සාර්ථක වුනේ. කොයි හැටි වෙතත් ඒ පැල දෙක බොහොම සරු සාරෙට හැදුනා.


ටික කාලෙකින් මල් පිපෙන්න ගත්තාම මගෙ හිතත් පිරෙන්න ගත්තා. ඒ මොකද කියනවනම් මල් පිපෙන්නේ ගෙඩි හැදෙන්නනේ.😄😄😄😄

ඒත් ඉතින් ගෙඩි හැදුනේ නෑ. ඒ වෙනුවට තව තවත් මල් ඇවිත් පිපිලා පරවුනා විතරයි.😟😟😟 එත් ටික දවසකට පස්සේ සමහර මල්වල පහලින් ගෙඩියක් දෙකක් හැදෙන බව දැක්කා. මාත් ඉතින් බොහොම සතුටින් හිටියත් කිසියම් කෟමියෙකුගේ ප්‍රහාරයක් මගේ වට්ටක්කා වලට එල්ල වෙලා.



ටික දවසකින් ගෙඩිය පුංචි කාලෙදිම වට්ට්ක්කා ගෙඩිය කුණු වෙලා යනවා. මම එක එක දේවල් කරලා බැලුවත් වැඩේ හරියන පාටක් පේන්න නම් නෑ. කවුරුහරි මේ ගැන (වස විසෙන් තොර) ප්‍රතිකර්මයක් තියනවනම් කියන්න. මගේ වට්ටක්කා වගාව සාර්ථක කරගන්නයි මේ වෑයම. 



No comments:

Post a Comment

ගොලුබෙලි දඩයම

මම කියන්න හදන්නේ මොකද්ද කියලා මාතෘකාවෙන්ම පැහැදිලි වෙනවනේ. ගෙවතු වගාවක් කරද්දි වැඩේ ලේසි පාසු නැහැ තමයි, මොකද විශේෂයෙන්ම කාබනික වගාවක් ක...