Wednesday, July 31, 2019

ගොලුබෙලි දඩයම


මම කියන්න හදන්නේ මොකද්ද කියලා මාතෘකාවෙන්ම පැහැදිලි වෙනවනේ. ගෙවතු වගාවක් කරද්දි වැඩේ ලේසි පාසු නැහැ තමයි, මොකද විශේෂයෙන්ම කාබනික වගාවක් කරද්දි අපිට කෘමිනාශක භාවිතා කරන්නත් බැහැනේ. මොකද අපේ අරමුණ වස විස නැති ආහාර වේලක් ගෙවත්තෙන් ලබාගැනීමනේ.

මම පාත්තියක පතෝල, වැටකොළු, කරවිල කියන බෝග තුනම හිටවලා තිබුනේ. බැලින්නම් කරවිල පැල ඉතුරු වෙද්දි පතෝල පැල ටිකයි, වැටකොළු පැල ටිකයි සේරම ගොලුබෙල්ලන් විසින් වගකියලා. මොනව කරන්නද? 


දැන් ඉතින් හැමදාම රෑට පොඩි පැට්රෝල් එකක් යනවා. පැට්රොල් එක ගැන දන්නේ නැත්නම් මෙන්න මේ ලින්ක් එකේ විචාරකතුමාගේ අඩවියේ ඒ ගැන තියනවා කියවලා බලන්න.

ඉතින් ඒ පරීක්ෂා කිරීම් වලදී මට අපරාධකරුවන් කීපදෙනෙක් අල්ලගන්න පුළුවන් වුනා.




දැන් ඉතින් හැමදාම රෑට ගිහින් මේ කට්ටියව අයින් කරන්න සිද්ධ වෙනවා. ගෙවතු වගාව වදයක් නෙමෙයි ඒකෙත් පොඩි ජොලියක් තියනවා. රෑට ලයිට් දාගෙන, ටෝච් එකකුත් අරගෙන ගොලුබෙල්ලෝ හොයන එකෙත් පොඩි ගතියකුත් නැතුවාම නෙමෙයි.

Sunday, July 28, 2019

වට්ටක්කා වලට එල්ලවන ප්‍රහාරය


ඉතින් මගේ වගා උණ නිසා හිටවපු වට්ටක්කා වැල් වලට මේ දවස්වල වෙන දෙයක් ගැන කියන්න තමයි අද මම මේ හදන්නේ.
වට්ටක්කා ඇට ගෙනල්ලා හිටෙව්වට හරිගියේ පැල තුනක් විතරයි. ඒකෙනුත් පැල දෙකයි සාර්ථක වුනේ. කොයි හැටි වෙතත් ඒ පැල දෙක බොහොම සරු සාරෙට හැදුනා.


ටික කාලෙකින් මල් පිපෙන්න ගත්තාම මගෙ හිතත් පිරෙන්න ගත්තා. ඒ මොකද කියනවනම් මල් පිපෙන්නේ ගෙඩි හැදෙන්නනේ.😄😄😄😄

ඒත් ඉතින් ගෙඩි හැදුනේ නෑ. ඒ වෙනුවට තව තවත් මල් ඇවිත් පිපිලා පරවුනා විතරයි.😟😟😟 එත් ටික දවසකට පස්සේ සමහර මල්වල පහලින් ගෙඩියක් දෙකක් හැදෙන බව දැක්කා. මාත් ඉතින් බොහොම සතුටින් හිටියත් කිසියම් කෟමියෙකුගේ ප්‍රහාරයක් මගේ වට්ටක්කා වලට එල්ල වෙලා.



ටික දවසකින් ගෙඩිය පුංචි කාලෙදිම වට්ට්ක්කා ගෙඩිය කුණු වෙලා යනවා. මම එක එක දේවල් කරලා බැලුවත් වැඩේ හරියන පාටක් පේන්න නම් නෑ. කවුරුහරි මේ ගැන (වස විසෙන් තොර) ප්‍රතිකර්මයක් තියනවනම් කියන්න. මගේ වට්ටක්කා වගාව සාර්ථක කරගන්නයි මේ වෑයම. 



Saturday, July 27, 2019

අත්තිවාරම ළග මාළු මිරිස්



         මාළු මිරිස් කියන්නේ ටිකක් හදාගන්න අමාරු බෝගයක් කියලා තමයි කියන්නේ. ඒ වුනාට මාළු මිරිස් කියන්නේ මගේ ප්‍රියතම ආහාරයක්.ගොඩක් වෙලාවට මාළු මිරිස් අමුවෙන්ම කන්න තමයි මමනම් ආස.
අන්න ඒ නිසාම මම මාළු මිරිස් පැල ටිකක් හදාගන්න ඕන කියලා ඇට ටිකක් තවන් දැම්මා. මුලින්ම හාල් බෑග් වල හිටවපු පැල හොදන් හැදුන නිසා මම තීරණය කලා බිමත් ටිකක් හිටවලා බලන්න. ඉතින් හැමතැනම එක එක බෝග වගාවන් කරලා නිසා මාළු මිරිස්වලට හරියන හොද තැනක් හොයා ගන්න බැරිවුනා. අන්තිමේ මම අත්තිවාරම් කොටසක් තිබුන අපේ නිවසේ පැත්තක පුංචි වෙන්කිරීමක් කරලා එතන මාළු මරිස් පැල ටිකක් හිටෙව්වා.ඵලදාව ලැබුනාම ෆොටෝ ටිකක් පල කරන්නම්.



ගොලුබෙලි දඩයම

මම කියන්න හදන්නේ මොකද්ද කියලා මාතෘකාවෙන්ම පැහැදිලි වෙනවනේ. ගෙවතු වගාවක් කරද්දි වැඩේ ලේසි පාසු නැහැ තමයි, මොකද විශේෂයෙන්ම කාබනික වගාවක් ක...