Saturday, July 27, 2019

අත්තිවාරම ළග මාළු මිරිස්



         මාළු මිරිස් කියන්නේ ටිකක් හදාගන්න අමාරු බෝගයක් කියලා තමයි කියන්නේ. ඒ වුනාට මාළු මිරිස් කියන්නේ මගේ ප්‍රියතම ආහාරයක්.ගොඩක් වෙලාවට මාළු මිරිස් අමුවෙන්ම කන්න තමයි මමනම් ආස.
අන්න ඒ නිසාම මම මාළු මිරිස් පැල ටිකක් හදාගන්න ඕන කියලා ඇට ටිකක් තවන් දැම්මා. මුලින්ම හාල් බෑග් වල හිටවපු පැල හොදන් හැදුන නිසා මම තීරණය කලා බිමත් ටිකක් හිටවලා බලන්න. ඉතින් හැමතැනම එක එක බෝග වගාවන් කරලා නිසා මාළු මිරිස්වලට හරියන හොද තැනක් හොයා ගන්න බැරිවුනා. අන්තිමේ මම අත්තිවාරම් කොටසක් තිබුන අපේ නිවසේ පැත්තක පුංචි වෙන්කිරීමක් කරලා එතන මාළු මරිස් පැල ටිකක් හිටෙව්වා.ඵලදාව ලැබුනාම ෆොටෝ ටිකක් පල කරන්නම්.



No comments:

Post a Comment

ගොලුබෙලි දඩයම

මම කියන්න හදන්නේ මොකද්ද කියලා මාතෘකාවෙන්ම පැහැදිලි වෙනවනේ. ගෙවතු වගාවක් කරද්දි වැඩේ ලේසි පාසු නැහැ තමයි, මොකද විශේෂයෙන්ම කාබනික වගාවක් ක...